සිරිනි විරාජිත ලොව අප රාජිත
ගුනැ ණි පුජිත දෙරණ සුපූජිත
විහිදා නැණ බල මහිමය පානිති
සැරදේ පින්බර විදුහල් මෑණි...
බැති බර සෙනෙහස උතුරා හැලෙනා
දැරුකැළ සනහා තුරුලෙහි හොවනා
නිසි ඔවදන් දෙන මිනිමුතු අගනා
ඔබ ගුණ සමරමු නමදිමු නිතිනා...
ගුණ නැණ වැඩුමට සරුබිම හොබනා
සිවුකෝරලයට තරුවෙකි දිලෙනා
ඇකිරියගල විදු මවුයස වඩනා
දින දින ජය ජය පතනෙමු නිතිනා...





