1932 මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ වූ කෑ/අකිරියගල කණිටු විදුහලේ පළමු විදුහල්පති තුමා වුයේ මීරිගමින් පැමිණි ධර් මපාල මහතාය . මුලදී පොල් අතු සෙවිලිකළ පළමු ගොඩනැගිල්ල ක්‍රීඩා පිටියට ආසන්නව තාවකාලිකව සකසා තිබුණි.
මෙම පාසල සකස් කිරීමට ඉඩම පරිත්‍යාග කරන ලද්දේ වල්පොලපිටියේ T.A අප්පුහාමි හා T .A උක්කුරාල යන මහත්වරුය.පාසලට ඇතුළත්වූ පළමු ශිෂ්‍යයා වන්නේ M .R මුදියන්සේ මහතාය.
එක් ගොඩනැගිල්ලකින් ආරම්භ කල මෙම පාසල වර් තමානය වන විට ස්ථිර ගොඩනැගිලි අටකින් සමන්විතය . සිසුන් 219 පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු සංඛ්‍යාව 22 කි.වර් තමාන විදුහල්පති ධූරය W.M.I.P.B ගොඩිගමුව මහතා විසින් දරයි.
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ටාසය ට අයත්, කෑගල්ල අධයාපන කලාපයේ කෑගල්ල අධ්‍යාපන කොට්ටාසයේ ඇකිරියගල ගමෙහි මෙම පාසල පිහිටා ඇත .කදු සහිත භුමි භාගයක ඉතා රමණීය නිදහස් පරිසරයක මෙම පාසල පිහිට ඇත.





